පාලි සහ සිංහල අන්තර්ගතයන් සහිත බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව අන්තර්ජාලය ඔස්සේ පහසු පරිහරණය සඳහා සකස් කර ඇත.
මෙ ම වෙබ් පිටු සකස් කෙරෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
ත්‍රිපිටක ග්රන්ථයන් ප්රමුඛ මහා සඟරුවන විසින් රචිත ධර්ම ග්රන්ථයන් ඇසුරු කරගනිමින් සකස් කරන ලද දහම් ලිපි පෙළකි.
මහසඟ රුවන විසින් ධර්ම විනය රක්ෂා කරමින් ඒ අනුව කටයුතු කරමින් දේශිත උතුම් ධර්ම දේශනා පෙළක් ශ්‍රවණය කිරීමේ අවස්ථාව ඇත.
උතුම් පිරිත් දේශනාවන් පෙළක් ශ්‍රවණය කිරීම සඳහා අවකාශ සලසා ඇත. (අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සජ්ඣායනා කර ඇත).
පරමාර්ථ දේශනා හෙවත් අභිධර්ම දේශනා පිළිබඳ මෙ හි දී ලිපි පෙළක් ලෙස විස්තර කර ඇත. ධර්ම සාකච්ඡාව පිටුව ඔස්සේ ද, අභිධර්ම කරුණු පිළිබඳ සාකච්ඡා කළ හැකි ය.
ධම්මපදයේ අන්තර්ගත සියලු ම ගාථාවන් පාලි සහ සිංහල භාෂාද්වයෙන් ම ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යයක් ලෙස නිර්මාණය කර ඇත.
මහා සංඝරත්නය විසින් ධර්ම විනය රක්ෂා කරමින් ඊට අනුව කටයුතු කරමින් රචිත උතුම් සදහම් ග්රන්ථ පෙළක් මේ ඔස්සේ ඔබ ට කියවීමට අවස්ථාව ඇත.
බෞද්ධයකු වශයෙන් දැනගත යුතු ම ඉතා වැදගත් ධර්ම කරුණු පෙළක් සැකෙවින් සදහම් පත්‍රිකා පෙළක් ලෙසින් දක්වා ඇත.
දහම් පාසල තුළ කෙරෙන දහම් අධ්‍යාපනය තවදුරටත් සාර්ථක ව සිදුකිරීම උදෙසා දහම් අධ්‍යාපනය ලබන සහ ලබාදෙන්නා වූ සියලු දෙනා වෙනුවෙන් සකස් කර ඇත.
දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සිට අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා වන සියලු බුදුවරයාණන් වහන්සේලා ගේ බුද්ධවංශයන් දැක් වේ.
බුදුදහමේ ආබාසය ලද සිංහල බෞද්ධ සාහිත්‍යය සහ එ මගින් බිහි වූ සාහිත්‍ය කෘති පෙළක් මේ ඔස්සේ කියවීමට ඔබ ට අවස්ථාව ඇත.