
කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං
නිවන ට පිවිසිය හැකි දොරටුවක් ලෙස ධර්ම දේශනය විමුත්තායතන සූත්ර දේශනයේ දැක් වේ. සිල්වත්, ගුණවත් උතුම් හිමිවරුන් විසින් බුද්ධ දේශනා ව ට අනුකුල ලෙස පවත්වන්නට යෙදුනු උතුම් ධර්ම දේශනා මාලාවක් මෙ ලෙසින් ඔබවෙත ගෙනෙනු ලබයි.
උතුම් බුද්ධෝත්පාද කාලයක පමණක් ශ්රවණය කළ හැකි දුර්ලබ වූත්, ගාම්භීර වූත්, උතුම් නිර්වාණය පිණිස පවත්නා එක ම ධර්මය බුදුදහම පමණකි. එ වන් උතුම් ධර්මයක් ශ්රවණය කිරීම ට ලැබීම සැබවින් ම උතුම් මංගල කරුණක් වන්නේ ය. ඒ සඳහා මෙ ම ධර්ම දේශනා පෙළ ඔබ ට මහෝපකාරී වනු ඇත යි සිතමු.
මේ උතුම් දම් දෙසුම් සියලු දෙනා තම නිර්වාණගාමී මාර්ගය සඳහා පාරමිතාවක් කරගනිත් වා! මෙ ම උතුම් ධර්මය දේශනා කළ පැවිදි උතුමන් ට ද, ප්රාර්ථනීය බෝධින්ගෙන් අග්ර අමාමහ නිවන් සුවය පිණිස ම පාරමිතාවක් වේ වා! ධර්මාවබෝධය ම ලබත් වා!
තෙරුවන් සරණ යි!