ධම්මපදය - Dhammapadaya

භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අරභයා දේශනා කරන ලද ධර්මය, අවවාද, කර්මස්ථාන ආදී විරාගී අමා දහම ගලපා වග්ගවල ට ඇතුලත් කොට තිබේ. තිලෝගුරු බුදුරජානන් වහන්සේ විසින් දේශිත ශ්‍රි සත් ධර්මය කොටස් නවයකින් යුක්ත වේ. එනම් සුත්ත (සූත්‍ර), ගෙයිය, වෙයියාකරණ (ව්‍යකරන), ගාථා (ගාථාවන්), උදාන (ප්‍රිතිවාක්‍ය), ඉතිවුත්තක (උදහරණ කථා), ජාතක (ජාතක කථා), වේදල්හ (පුරණ කථා), අබ්භූතධම්ම (අසිරිමත් සිදුවීම්)

එ ම නවාංග ශාසනයේ ගථා කොටසින් තෝරාගත් ගථා හාරසිය විසි තුනක් වර්ග විසිහයක් යටතේ සම්පාදනය කර ඇති ධම්මපදය යහපත් දිවියක් ගොඩනගා ගැනීමට මග කියාදෙන අවවාද අනුශාසනා රාශියකින් සමන්විත ය. ධම්මපදයේ ගථාවක් දෙකක් ඇසීමෙන් පවා සැබෑ තතු වටහාගෙන පිළිවෙත් පුරා අමාමහ නිවන් මග හෙලි කරගත් උතුමන් ද අල්ප නොවන අතර සතර අපායෙන් මිදී සුගති ගාමී වූ දෙව් මිනිසුන් ද අප්‍රමාණ වේ.

යුගලය බැගින් ගලපා වදාළ ගාථා 20කින් යුක්ත යි.
කුසල් වැඩීමෙහිලා තිබිය යුතු අප්‍රමාදී බව පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දොළසකින් සමන්විතයි.
සිත සහ සිතේ ස්වභාවය පිළිබද වදාළ ගාථා එකොළසකින් සමන්විත යි.
පුෂ්ප උපමා කරගනිමින් දේශනා කොට වදාළ උතුම් ගාථාවන් දහසයකින් පුප්ඵ වග්ගය සමන්විත ය.
ඇසුර සඳහා සුදුසු නො වන බාලයන් පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දහසයකින් බාල වග්ගය සමන්විත යි.
සත්පුරුෂයන් ගේ වටිනාකමත්, ඔවුන් ඇසුරු කිරිමේ වටිනාකම ත් පිළිබද වදාළ ගාථා දහහතරකින් යුක්ත යි.
රහතන් වහන්සේලා ගේ ගුණයන් පිළිබද වදාළ ගාථා දහයකින් යුක්තයි.
හරවත් දෙය සහ නිස්සාරවත් දෙය පිළිබඳ සංසන්දනාත්මක ලෙස විග්‍රහ කෙරෙන ගාථා දහසයකින් සමන්විත යි.
පාප කර්ම සහ එ හි ආදීනවයන් පිළිබඳ ව ත්, පවින් වැළකී සිටීමේ ආනිශංස පිළිබඳ ව ත්, දේශනා කර වදාළ ගාථා දහතුනකින් සමන්විතයි.
පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරු ත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරු ත් පිළිබද වදාළ ගාථා දාහතකින් යුක්ත යි.
ආර්ය ශ්‍රාවකයා ජාති, ජරා, මරණ රහිත නිර්වාණය කරා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා අකාරය පිළිබද වදාළ ගාථා එකොළහකින් යුක්ත යි.
තම සිත සුරක්ෂිත කරගැනිම අයිති තමා ට ම බව පෙන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා දහය කින් යුක්ත යි.
ලෝකය පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.
ලොව්තුරු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා පිළිබද වදාළ ගාථා දහඅටකින් යුක්තයි.
පරම සැපත වන නිවන පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.
ප්‍රියමනාප විම එ හි ස්වභාවය පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.
ක්‍රෝධ වර්ගය ද්වේශය සහ දේවේශ සහගත සිතිවිලි නැති කරගැනීමේ වැදගත්කම විග්‍රහ කෙරෙන ගාථා දහහතරකින් සමන්විත යි.
කෙලෙස් මල දුරු කරගත යුතු ආකාරය පිළිබද වදාළ ගාථා 23 කින් යුක්තයි.
ධර්මයෙ හි පිහිට කොටගෙන ජිවිතය පවත්වා ගැනීම පිළිබඳ වදාළ ගාථා දහහතකින් ධම්මට්ඨ වග්ගය සමන්විත යි.
නිවනට පිවිසිය හැකි මග හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබද වදාළ ගාථා දහහතකින් යුක්ත යි.
විවිධ තේමාවන්ට අදාළ ව වදාළ ගාථා දහසයකින් ප්‍රකිර්ණක වර්ගය සමන්විත යි.
පාපය දුරු කිරිම පිළිබද වදාළ ගාථා 14 කින් යුක්තයි.
නාග යනු හස්තියා (ඇතා) කියන අර්ථය යි. ඇතා උපමා කරගනිමින් වදාළ ගාථාවන් දාහතරක් නාග වග්ගය තුළ අන්තර්ගත ව ඇත.
සසර දුකට හේතුව වූ තණ්හාව පිළිබද වදාළ ගාථා විසිහයකින් යුක්ත යි.
බුදු සසුනෙ හි භික්ෂුව කවරෙක් දැ යි හදුන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා විසි තුනකින් කින් සමන්විත යි.
අර්හත් භික්ෂුව හැදින්වීමට බ්‍රාහ්මණ වචනය යොදා ගනිමින් වදාළ ගාථා හතලිස්එකකින් සමන්විත යි.

මෙ ම ධම්මපදය ශ්‍රව්‍ය-දෘශ්‍ය සැකසුම ලොව සියලු ජනයාගේ හිත සුව පිණිස අන්තර්ජාලය ඔස්සේ මෙ සේ ඉදිරිපත් කරන්නෙමු. මෙ හි සිතුවම් ගෞරවනීය වේරගොඩ සාරද මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත සිතුවම් සහිත ධම්මපදය (The illustrated dhammapada) ග්‍රන්ථයෙන් ලබා ගැනුනි. ධම්මපද ගාථා සජ්ඣායනය අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබයි (www.sadaham.net). මෙ ම අංගයන් දෙක ම එක් කරමින් අප විසින් පාලි සහ සිංහල යන භාෂා දෙකෙන් ම සියලු ගථාවන් යුනිකෝඩ් ලෙස සකස් කර මෙ ම අංගසම්පුර්ණ පද්ධතිය නිමවා ඇත. ඔබ ත්, මෙ ම ධම්මපදයේ උතුම් ගාථාවන් ශ්‍රවණය කරමින්, කියවමින්, තම ජීවිතය පිළිබඳ අවබෝධය පිණිස භාවිත කරන්න.

තෙරුවන් සරණ යි!

TOP